ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කිරීමට නියමිතව තිබු වැඩ වර්ජනය තාවකාලික ලෙස නවතා දමා තිබෙනවා.
ජාතික අක්ෂි රෝහල සඳහා නව අධ්යක්ෂවරයෙක් පත් කිරීම හේතුවෙනුයි ඔවුන් එම වැඩ වර්ජනය නතර කර ඇත්තේ.
රෝහලේ සේවය කල වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මින් පෙර රජයට අවධාරණය කර තිබුනා.