රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතු`ඵ ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. මේ හේතුවෙන් එම ක්ෂේත්‍රවල කටයුතු අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර දිවයින පුරා රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවා අද දිනයේදී ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සදහා සායනවලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

https://www.vnews.lk/storage/2023/03/JANATHA-EDIT-.mp3?_=1

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ අද දවසේ ක්‍රියාත්මක වැඩවර්ජනය හේතුවෙන් බාහිර ප්‍රතිකාර සේවා කටයුතු සියල්ල අඩාල වී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/03/HARITHA-ALUTHGE-EDIT.mp3?_=2

කෙසේ වෙතත් මහරගම අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් රෝහල, වකුගඩු රෝහල් ඇතු`ඵ රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සම සභාපති ජගත් විජේගුණරත්න මහතා සදහන් කළේ වර්ජනය හේතුවෙන් මෙම දින දෙක තුළ තෙල් හිගයක් ඇති විය හැකි බවයි.

https://www.vnews.lk/storage/2023/03/JAGATH-WIJEGUNARATHNA-EDIT.mp3?_=3

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ වරායේ කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා. සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ සභාපති නිරෝෂන් ගොරකාන මහතා කියා සිටියේ වර්ජනය හේතුවෙන් නෞකා 8 ක ගොඩබෑමේ කටයුතු අඩාල වී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/03/NIROSHAN-GORAKAN-EDIT-.mp3?_=4

කෙසේ වෙතත් වරාය අධිකාරියේ සභාපති කියා සිටියේ සු`ඵ ප්‍රමාදයන් පැවතියත් වරායේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි.

මේ අතර වර්ජනය හේතුවෙන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය බැංකුවල කටයුතු අඩාල වී තිබෙනවා.

https://www.vnews.lk/storage/2023/03/BANKU-EDIT.mp3?_=5

එමෙන්ම ප්‍රදේශ රැසක පාසල්වල ගුරුවරුන් බොහෝමයක් කලු පැහැති ඇදුමින් සැරසි සේවයට වාර්තා කර තිබුණා. කෙසේ වෙතත් ඇතැම් ගුරුවරු සාමාන්‍ය පරිදි සේවා සදහා වාර්තා කොට තිබෙනවා.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ අද පැවැත්වෙන වර්ජනයට තම සංගමය සහයෝගය ලබා නොදෙන බවයි.

https://www.vnews.lk/storage/2023/03/GAMUNU-WIJEERATHANA-EDIT-.mp3?_=6

 

WhatsApp Group

Skip to content