ලෝක ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ ආකෘති ත්‍රිත්වයෙහිම පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ සහ පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම් වර්ගීකරණයේ පළමුවන ස්ථානයේ පසුවුණා.

එමෙන්ම ඊයේ ඔස්ටේ්‍රලිවට එරෙහිව පැවති එක්දින තරගය ජයග්‍රහණය කිරීමත් සමග ඔවුන් නවතම එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ ද පෙරමුණ ගෙන තිබෙනවා.

මෙම දස්කම දැක්වු ලොව දෙවැනි කණ්ඩායම ලෙසයි ඉන්දියාව ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ.

මීට පෙර දකුණු අප්‍රිකාණු කණ්ඩායම 2012 වසරේදී ටෙස්ට් , එක්දින සහ පන්දුවාර 20 යන ආකෘති ත්‍රිත්වයේම පෙරමුණ ගැනීමට සමත්ව සිටියා.

WhatsApp Group

Skip to content