2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ පුද්ගලයන් 58,304 දෙනෙකුට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

එමෙන්ම මෙම කාලය තුළ මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා පුද්ගලයන් 63,917 දෙනෙකු ඉදිරිපත්ව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

WhatsApp Group

Skip to content