විත්තිකරුවන්ට දඬුවම් නියම කරනු ලබන ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා.

අධිකරණවල සිදුවන නඩු පමාව අවම කිරීමේ කඩිනම් පියවරක් වශයෙන් මෙම නව පනත නුදුරේදීම ගෙන ඒමට නියමිත බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ.

නව පනත යටතේ, වරදකරුවෙකුට මුල් අවස්ථාවේම සිය වරද පිළිගැනීම මගින් කඩිනමින් නඩුව අවසන් කිරීමට හැකි බවයි අමාත්‍යවරය සඳහන් කලේ.

එමෙන්ම අධිකරණය විසින් දැඩි දඬුවම් පැනවීම හේතුවෙන් බොහෝ වරදකරුවන් තම වරද පිලිගැනීමට මැලි කමක් දක්වන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content