සංචාරකයින් 900 ක් සහ කාර්ය මණ්ඩලයේ 463 දෙනෙකුගෙන් සමන්විත වයිකින් නෙප්චූන් නැමති මගී ප්‍රවාහන නෞකාව අද කොළඹ වරායට සේන්දු වුණා.

තායිලන්තයේ සිට පැමිණි මෙය නෝර්වේ රාජ්‍යයට අයත් නෞකාවක්.

මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයින් අනිද්දා දක්වා මෙරට රැඳී සිටින අතර, ඔවුන් එම කාලසීමාව තුළ කොළඹ, මහනුවර, ගාල්ල, බෙන්තොට සහ පින්නවල යන ප්‍රදේශවල සංචාරය කරනු ඇති.

WhatsApp Group

Skip to content