වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති වම්බටුවල මිනිසාට අහිතකර කෘමිනාශක පවතින බව අනාවරණ වී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයනාංශය විසින් කරන ලද පර්යේෂණයකදීයි මේ පිලිබඳ අනාවරණය වී ඇත්තේ.

එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර හා විද්‍යා තාක්ෂණ අධ්‍ය්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පියුම් ද ඒ අබේසුන්දර මහතා සඳහන් කර ඇත්තේ වෙළෙඳපොළෙන් ලබාගත් නැවුම් වම්බටු සාම්පලවලින් සියයට 23ක මිනිසාට අහිතකර කෘමිනාශක අවශේෂ තිබෙන බවයි .

එබැවින් එළවළු සහ පලතුරු සිසිල් ජලයෙන් සෝදනවා වෙනුවට ඊට විනාකිරි හෝ ලුණු එකතුකර සේදීමෙන් මෙම පළිබෝධනාශක ඉවත් කිරීමේ හැකියාව පවතින බව සඳහන්.

මෙහිදී එළවළු සහ පලතුරුවල පිටතින් ඇති පොත්ත ඉවත් කිරීම මගින් පහසුවෙන්ම විෂ රසායනිකයන් ආහාරය මතින් ඉවත් කිරීමේ හැකියාව පවතින බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයනාංශය පවසන්නේ.

WhatsApp Group

Skip to content