ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු වප් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

වප් පොහොය වෙනුවෙන් දිවයිනේ බෞද්ධ ආගමික ස්ථානවල විවිධ ආගමික වතාවත් සිදුකෙරෙනවා.

වප් පොහොය පිළිබද වී නිව්ස් තබන සටහනක් මේ

https://www.vnews.lk/storage/2023/10/VAP-POHOYA-SEGMENT.mp3?_=1

වප් පොහොය වෙනුවෙන් වී.එෆ් ගුවන් විදුලිය පවත්වන සාදු නාද වැඩසටහන අද දිනය තුළ ද විකාශය වනවා.

වප් පොහොය දා හිමිදිරි ධර්ම දේශනාව පෙරවරු 07.00 ට පුජ්‍ය බැද්දෙවෙල ධම්මකිත්ති ස්වාමින්වහන්සේගේ වැඩමවීමෙන් සිදුකරනු ලබනවා.

ජිවිතයට බුදුදහම සදහම් කතිකාව සිදුකරනු ලබන්නේ පුජ්‍ය නහකඩියේ නන්ද ස්වාමීන්වහන්සේ සහ පුජ්‍ය පිටපොල ගුණානන්ද හිමියන් විසිනුයි.

ජුජ්‍ය පිටපොල ගුණානන්ද හිමියන් විසින් සද්ධර්ම දේශනාව සිදුකරන ලබනවා.

පස්වරු 04ට විකාශය වන කාව්‍යම ධර්ම දේශනාව සිදුකරනු ලබන්නේ පුජ්‍ය පිටපොල ගුණානන්ද හිමියන් විසිනුයි.

ගීතයෙන් දහම් වරය වැඩසටහන රාත්‍රි 07ට ආරම්භ වන අතර ඒ සදහා ජුජ්‍ය විලච්චියේ පඥ්ඥාලෝක හිමියන් සහ රංගවේදි කිර්ති කේ රත්නායක මහතා එක්වනවා.

WhatsApp Group

Skip to content