පොතුවිල්, මාන්නච්චේන, කෝමාරිය ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් විදේශිකයෙකු මියගොස් තිබෙනවා.

ඉතාලි ජාතිකයින් දෙදෙනෙකු අදාළ ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තුවාලකරුවන් පොතුවිල් මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස එක් අයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඉතාලි ජාතික 50 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

WhatsApp Group

Skip to content