කැලණිය වනවාසල දුම්රිය මාර්ගයට යාධ ප්‍රදේශයකදී ඝාතනයට ලක් වූ 59 හැවිරිදි රණසිංහගේ සරත් නොහොත් රාජා නමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික ආරවුලකට පළිගැනීමක් ලෙසින් නොවැම්බර් මස 28 වැනිදා මෙම ඝාතනය සිදු කර තිබෙන බවත් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 59 හැවිරිදි මැරතන් ධාවකයෙකු බවත් පොලිසිය පවසනවා.

ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු කැලණිය මානෙල්ගම කසළ අංගනයේ සැඟව සිටින බවට පෑලියගොඩ පොලිසියේ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙසැම්බර් 01 වැනිදා අදාළ කසළ අංගනයේ වැටලීමක් සිදු කර තිබෙනවා.

එහිදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ගත් තොරතුරු අනුව මිනිස් ඝාතනයට යොදාගත් බවට සැකකරන අඩි දෙක හමාරකටත් වැඩිය දිගින් යුත් විශාල ප්‍රමාණයේ කඩුවක් සහ තවත් කඩු දෙකක් වනවාසල කේ.ජී.ඒස්. මාවතේ පාළුවට ගිය නිවසක සඟවා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගැනුණා.

පොලිසිය කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දෙපාර්ශ්වය අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

 

WhatsApp Group

Skip to content