වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට පඩි පාලක සභාවේ සභාපති ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන් වන අතර, එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා.

ඊට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමානාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන්.

එමෙන්ම රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ද රුපියල් 1,700 දක්වා ඉහළ නැංවිය යුතු බවටද අදාළ ගැසට් නිවේදනයෙන් දැක්වෙනවා.

WhatsApp Group

Skip to content