ශ්‍රී ලංකාව වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශික ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගී වෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වා තිබුනා.

වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ ක්‍රියාවලිය තුළදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමාජ සංවර්ධන මූලධර්මය පිළිපැදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මනුෂ නානායක්කාර අමාත්‍යවරයාට එහිදී සිය ප්‍රසාදය පිරිනමනු ලැබුවා.

ජිනීවා නුවරදී මේ වන විට පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ, වාර්ශික ජාත්‍යන්තර කම්කරු සමුළුව අතරවාරයේදී අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර සාකච්ඡාව ඊයේ පැවැත්වුනා.

ශ්‍රම වෙළදපොල ප්‍රමිතීන් සහ රැකියා තත්වයන් වැඩි දියුණු කිරීම සදහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සහ ඒ සදහා වන කැපවීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එහිදී කරුණු පැහැදිළි කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content