වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා.

එසේම වතු කම්කරුවන්ගේ මූලික වැටුප ඉහළ දැමීමට නිවේදනය කිරීමත් සමග වතු කම්කරු මූලික වැටුප රුපියල් 200කින් ඉහළ දැමීමට වතු සමාගම් ඉදිරිපත් වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ හැකියාව සමාගම් සතුය පවතින බව අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා සඳහන් කළා.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content