අයවැය යෝජනා තුලින් රාජ්‍ය සේවකයන්ට දිමනා ලබාදීමට යෝජනා කර තිබුණද වතුකම්කරු ජනතාවගේ වැටුප් සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් නොකිරීම කණගාටුවට කරුණක් බව සමස්ත ලංකා සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසනවා.

ඉලංගෝ ගාන්ධි මහතා මේ බව කියා සිටියේ ඒ මහතාගේ හැටන් කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස කියා සිටියා.

මෙවර අයවැය යෝජනා තුළින් රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහාසක දිමනාවක් ලබාදීමට යෝජනා කර තියෙනවා. එත් වතු කම්කරුවන් සඳහා එක රුපියලක් වැඩි කිරීමට කිසිදු ප්‍රකාශයක් කර නැහැ.

අද රාජ්‍ය සේවය ගත් විට රාජ්‍ය සේවයේ වැඩි පිරිසක් නිසි ලෙස සේවය නොකර වැටුප් ලබා ගන්නේ. එත් මේ වතු කම්කරුවන් එහෙම නොවෙයි. මේ පිරිස මේ රටට විදෙස් විනිමය උපයන, මේ රටේ තේ නාමය ලොවට ගෙන යන පිරිසක්.

අද රට තුල පවතින ආර්ථික ප්‍රශ්න මත මේ වතුකම්කරු ජනතාව දැඩි ප්‍රශ්න මත ජිවත් වෙන්නේ මේ අයට අද ලැබෙන වැටුප මත නිසි ලෙස කන්නවත් බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.

මේ අයට නිසි ලෙස ජිවත් වීමට තරම් වැටුපක් නොලැබීම හේතුවෙන් මේ අයගේ දරුවන්ට නිසි ලෙස පෝෂණය ලබාදීමට නොහැකි තත්වයක් පැවතීම මත මේ වන විට වතුකරයේ දරුවන් මන්දපෝෂණයට වැඩි වශයෙන් ගොදුරු වෙනවා. එමෙන්ම මෙම තත්වයන් මත මේ වතුකර දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිමේ අවදානමක් පවතිනවා.

මෙම තත්ත්වයන් මත අනාගතයේදි මේ වතුකර දරුවන්ගේ ඉරණම කුමක් වේද යන්න දැඩි ප්‍රශ්නයක්. මෙම තත්ත්වයන් තුලින් මෙම පිරිස් බේරා ගැනීමට රජය මැදිහත්ව යම් දෙයක් කල යුතුයි.

වතුකම්කරු ජනතාව නියෝජනය කරන සමහර දේශපාලකන් වතු කම්කරු ජනතාවට අයවැය තුළින් නිසි සහනයක් නොමැති වුවත් ඔවුන්ගේ පැවැත්ම මත අය වැය හොදයි හොදයි කියනවා. එත් මේ අය මැදිහත්ව හෝ මේ වතුකම්කරුවන්ටද ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට යම් දිමනාවක් ලබා දිමට පියවර ගත යුතුයි.

WhatsApp Group

Skip to content