වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලා.
ඒ මහතා සඳහන් කලේ වතුකම්කරුවන්ගේ වෘත්තිය සමිති මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡා කර යම් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරමින් රුපියල් 1700ක අවම වැටුපක් ලබාදීමට ජනාධිපතිවරයා අදහස් කර ඇති බවයි.
නමුත් තවමත් වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් අතර සාකච්ඡා සාර්ථක වී නොමැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් වතු කම්කරුවන්ගේ වැටුප් ඉදිරියේදී ඉහල දමන බව නිශ්චිත වශයෙන්ම කිව හැකි බවයි රත්නප්‍රිය මහතා අවධාරණය කලේ.

WhatsApp Group

Skip to content