වත්මන් ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි මැතිවරණ කාල සටහන වෙනස් කල නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව ක්‍රියා කරන ඇතැම් වමේ දේශපාලන පක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ අපේක්ෂකයා පවා නම කර ඇති බවයි.

කොළඹදී පවතී සමුළුවකට එක වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/09/KUMAR-GUNARATHNAM-EDIT.mp3?_=1

මේ අතර පසුගියදා පවතී ජන හමුවකදී ජාතික ජන බලවේගයේ විධායක කාරක සභික කේ .ඩි ලාල්කාන්ත මහතා සඳහන් කලේ බොහෝ පිරිසකගේ හිත සුව පිණිස තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ නම කල් තියා ප්‍රකාශයට පත් කල බවයි.

https://www.vnews.lk/storage/2023/09/LAL-KANTHA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content