සමගි ජනබලවේගයේ පස්සර ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් මහතා එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

අදාළ ඉවත් කිරීම සිදු කර ඇත්තේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන් බවටයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතාගේ ඉවත් කිරීමෙන් හිස් වූ පස්සර ආසනයේ නව සංවිධායකවරයා ලෙස ලෙත්චුමන් සංජය මහතා පත් කර ඇති බවත් ඊට අදාළ පත්වීමේ ලිපිය සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් ලබාගත් බවත් වාර්තා වනවා.ත

 

WhatsApp Group

Skip to content