වකුගඩු ශල්‍යකර්මයකින් අනතුරුව තුන් හැවිරිදි දරුවෙකු මියයාම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් සිදු වූ බවට දරුවාගේ දෙමව්පියන් චෝදනා කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3 යි මාස 3 ක් වූ පිරිමි දරුවෙකුයි.

මින් පෙර එම දරුවාගේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබුනා.

ඒ අනුව වම් වකුගඩුව ඉවත් කළ යුතු බවත් දකුණු වකුගඩුව නීරෝගී තත්ත්වයේ පවතින බවත් වෛද්‍යවරුන් හඳුනාගෙන තිබූ බවයි දරුවාගේ මව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් නීරෝගී දකුණු වකුගඩුවත් ශල්‍යකර්මය අතරතුර ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් පසුව ප්‍රකාශ කළ බවයි මව්පියන් සඳහන් කරන්නේ.

වකුගඩු දෙකම නොමැති වීම හේතුවෙන් වකුගඩුවක් බද්ධ කිරීම සිදුකරන තෙක් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා යොමු කර සිටි දරුවා, විෂබීජයක් ශරීරගත වීමෙන් මියගොස් තිබෙනවා.

https://www.vnews.lk/storage/2023/07/MAWA-EDIT.mp3?_=1

ඒ පිළිබද අදහස් පල කළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජි. විජේසූරිය මහතා.

https://www.vnews.lk/storage/2023/07/WIJESURIYA-EDIT.mp3?_=2

 

WhatsApp Group

Skip to content