වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තුන් හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධිය පිළිබද විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේවින්ද පෙරේරා මහතා නියෝග කර තිබෙනවා.

ඒ, බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් ඊයේ අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුවයි.

වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙ`ඵනු මෙම දරුවාගේ මරණය සැක සහිත බවට ඔහුගේ දෙමව්පියන් විසින් බොරැල්ල පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකර තිබුණා.

WhatsApp Group

Skip to content