වක්‍ර රැකියා සිදුකරන වෘත්තිකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේ ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි.

ගාල්ල, උණවටුන ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව වක්‍ර රැකියා කරන වෘත්තිකයින් සදහා පාරිතෝෂිත දිමනාවක් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඉදිරියේදී හදුන්වා දෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

WhatsApp Group

Skip to content