විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර අවහිර වී ඇති බව වාර්තාවනවා.

ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මං තීරුවකින් පමණක් වාහන ධාවනය සිදුකෙරෙන බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර අදට දින 45කට අධිකයි.
නමුත් බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොමැති වීම හේතුවෙන් සියලු විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද මුදල් අමාත්‍යාංශයට පාගමනක් යෑමටයි කටයුතු කර තිබුනා.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව සඳහන්.

WhatsApp Group

Skip to content