රටේ දරුවන් වෙනුවෙන් සෞභාග්‍යමත් රටක් ගොඩනැගිමේ වැඩපිළිවෙලකට රජය උරදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

2048 වසර වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ක්‍රියාවලියේ නියමුවන් වත්මන් පරපුර වනු ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

ඒ අනුව නව අභියෝගවලට මුහුණ දියහැකි දරු පරපුරක් ගොඩනැගිම සදහා අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදුකිරීමට රජය මේ වන විටත් පියවර ගෙන ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර වසර ගණනාවක් පුරා වටිනා ගුණධර්ම ආරක්ෂා කර මතු පරපුරට දායාද කළ වැඩිහිටියන් පිළිබදව ද ජනාධිපතිවරයා සිය නිවේදනයේ සදහන් කර තිබෙනවා.

ජර්මානු සංචාරය නිමකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා.

අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස අද උදෑසන යළි දිවයිනට පැමිණි බවයි.

ජර්මනියේ පැවති බර්ලින් සමුළුවට සහභාගිවීමට ජනාධිපතිවරයා පසුගියදා ජර්මානු සංචාරයට පිටත්ව ගොස් තිබුණා.

WhatsApp Group

Skip to content