ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට අනුග්‍රහය දැක්වීමට එකඟතාව පළ කර තිබෙනවා .

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේ, නේපාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඔවුන් මෙම එකගතාවන් පළ කළ බවයි.

ඒ අනුව ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සිදු කෙරෙන බව ඔහු ප්‍රකශ කළා .

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 44,500කට අධික සංඛ්‍යාවක් දිවයිනෙන් වාර්තා වනවා .

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 67ක තවදුරටත් ඩෙංගු ව්‍යාප්තිය අවදානම් මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළා .

 

https://www.vnews.lk/storage/2023/06/NALIN-ARIYARATHNE-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content