ලෝක සංචාරක දිනය යෙදී ඇති 09/27 දින එය  උත්කර්ෂවත් අන්දමින් සැමරීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගෙන තිබුණි .
 මෙම වසරේ ලෝක සංචාරක දිනයේ තේමාව වී ඇත්තේ සාමය සදහා සංචාරක ව්‍යාපාරය යන්නයි .
ලෝක සංචාරක දින උත්සවය සැමරීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ( මහජන සබදතා ) මධුභානී පෙරේරා , එම කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරීන්ද්‍රා විජේවර්ධන සහ කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකරු වාසනා කුමාරි යන මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ .
09/27 දින කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් සුහදශීලී ලෙස පිළිගනිමින් , ඔවුන්ට මෙම ශ්‍රී ලංකා සංචාරය තුළ මතක සටහන් ලෙස සමරු තිළිණ පිරිනැමීම ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සේවිකාවන් විසින් සිදු කෙරුණි .
මීට අමතරව ශ්‍රී ලංකාවේ දේශීය සංස්කෘතික අංග , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය සංචාරකයන් වෙත ප්‍රදර්ශනය කිරීම සදහා උඩරට සහ පහතරට නැටුම් කණ්ඩායම් දෙකක් විසින් නර්තන අංග රාශියක් ද ඉදිරිපත් කිරීම සිදු කෙරුණි .

WhatsApp Group

Skip to content