අද වන විට ලෝක වෙළඳපලේ බොරතෙල් සහ රන් මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81යි ශත 12ක් ලෙසයි සටහන්ව තිබුනේ.

මේ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75යි ශත 13 දක්වා පහළ ගොස් තිබෙනවා.

මේ අතර පසුගිය දිනවලට සාපේක්ෂව ලෝක වෙළඳපලේ රන් මිලද පහළ යමින් තිබෙනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1,829 යි ශත 13ක් ලෙසයි.

ඒ අනුව මෙරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 40,000කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් එක්ලක්ෂ හතලිස් පන්දහසක්.

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 38,000කින් අඩුවී ඇති අතර මේ වන විට රන් පවුමක මිල රුපියල් එක්ලක්ෂ තිස්හතර දහසක් ලෙස දැක්වෙනවා.

WhatsApp Group

Skip to content