බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් වාර්තාගත ජයක් ලැබීමට ඊයේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්තුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 258ක් රැස් කළා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජොන්සන් චාලර්ස් පන්දු 46දී ලකුණු 118ක් රුස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ ලකුණු 259ක් රැස් කරමින් කඩුළු 6ක ජයක් වාර්ථා කළා.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ක්වෙන්ටන් ඩී කොක් පන්දු 44කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 100ක්.

ඒ අනුව විස්සයි 20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්ථාව මෙම තරගයේදී තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

WhatsApp Group

Skip to content