අනාරක්ෂිතභාවය සහ තරඟකාරී අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දරුවන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත්, දරුවන් එයින් මුදා ගැනීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, හරිනි අමරසූරිය පැවසීය

අග්‍රාමාතයවරිය මේ බව සඳහන් කළේ, ‘’රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට මුල්තැනක් දෙමු’’ යන්න තේමා කර ගනිමින් කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී අද (08) පැවති ලෝක මානසික සෞඛ්‍ය දින ‍ජාතික සැමරුම් උත්සවට සහභාගි වෙමිනි.

මානසික ව්‍යාකූලතාවය හේතුවෙන් ලොකයේ වසරකට ලක්ෂ 07 ක සංඛ්‍යාවක් සිය දිවි නසා ගැනීම් සදහා යොමුව වන අතර, මානසික පීඩාවෙන් දුක් විදිනු ලබන්නේ බොහෝ විට වයස අවුරුදු 15 ත්, 29 ත් අතර තරුණ පරපුර බව සෞඛ්‍ය දත්ත වර්තා තුළ සඳහන් වේ.

WhatsApp Group

Skip to content