හංගේරියාවේ , බුඩාපේස්ට් නුවර පැවැත්වීමට නියමිත 2023 – ලෝක මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා 10 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම 08/17 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.
 ක්‍රීඩකයින් 06 දෙනෙකු , එක් ක්‍රීඩිකාවක සහ නිලධාරීන් තිදෙනෙකුගෙන් මෙම ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා  කණ්ඩායම සමන්විත වී සිටියා.
   ඔවුන් මෙම තරගාවලියේ දී මීටර් 400 , මීටර් 400 × 4 සහාය දිවීම සහ හෙල්ල විසි කිරීම යන ඉසව් සඳහා සහභාගී වීමට නියමිතයි.
 කුරුණෑගල , කොළඹ , ත්‍රිකුණාමලය සහ රත්නපුර ප්‍රදේශ වල පදිංචිකරුවන් වන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරති.
  කාලිංග කුමාරගේ , අරුණ දර්ශන , පබසර නිකූ , රජිත රාජකරුණා , පසිදු කොඩිකාර , දිනුක දේශාන් සහ දිල්හානී ලේකම්ගේ මෙම ක්‍රීඩක පිරිසට අයත් වුුනා‍.
 මෙසේ පිටත්ව ගිය මීටර් 400 × 4 සහාය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම කාළසීමාවේ ලෝකයේ හොදම දෙවන කාළය වාර්තා කළ කණ්ඩායම වන අතර ඔවුන් දෙවැනි වී සිටින්නේ ඇමෙරිකා එක්සත් කණ්ඩායමට පමණි .
  මෙම ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම 08/17 දින උදෑසන 10.45 ට ඩුබායි බලා පිටත්ව යන ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 548 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත 08/17 දින උදෑසන 07.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

WhatsApp Group

Skip to content