ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් ලබා දී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර තිබුණා.

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව පසුගිය දා අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව අයවැය සදහා වෙන්කර තිබූ මුදලින් ඩොලර් මිලියන 250 ක මුදලක් මෙලෙස ලැබී ඇති බවයි අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ.

WhatsApp Group

Skip to content