ලෝක බැංකුවේ සභාපති ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය මාර්තු 29 වැනිදායින් අවසන් වුණා.

කෙසේවෙතත් ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති එකම අපේක්ෂකයා වන්නේ ඉන්දියානු සම්භවයක් සහිත ඇමරිකානුවකු වන අජේ බංගා බවයි ලෝක බැංකුව ප්‍රකාශ කළේ.

ඒ අනුව අජේ බංගා එම තනතුර සඳහා නම් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව ද ලෝක බැංකුව නිවේදනය කර තිබෙනවා.

පෙබරවාරියේ, ඔහුගේ නම එම තනතුර සඳහා නම් කරනු ලැබුවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින්. අජේ බංගා ලෝක බැංකුව මෙහෙයවීමට සුදුසුතම පුද්ගලයෙකු බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණා.

ලෝක බැංකුවේ වත්මන් සභාපති ඩේවිඩ් මල්පාස් ලබන ජූනි මාසයේදී එම තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කිරීමෙන් අනතුරුවයි ඒ සඳහා නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනෙන්නේ.

WhatsApp Group

Skip to content