ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිම සදහා අඛණ්ඩව සහය ලබා දෙන බව ලෝක බැංකුව පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කරමින් ලෝක බැංකුව මේ බව සදහන් කළා.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනයට සහය ලබා දෙන බවයි.

රට තුළ වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම සදහා ශ්‍රී ලංකාවේ නව නායකත්වයට සහය ලබා දීමට කැපවන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content