හිටපු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජාතික ශූරිය වන රේණුකා චන්ද්‍රිකා දකුණු කොරියාවේ පැවති ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවයේ දී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමතව තිබෙනවා.

45 වැනි වියේ පසු වන චන්ද්‍රිකා තරගාවලියේ යුගල තරගය ජර්මානු ක්‍රීඩිකාවක් වන ක්ලෝඩියා වොල්ගොසාං සමඟ තරග වදිමින් රන් පදක්කමක් දිනා ගැනීමටයි සමත් වුණේ.

ඔවුන් අවසන් වටයේ දී චීන ක්‍රීඩිකාවන් වන මැකී ජින් සහ මිකීකෝ ශිමාඩා 21ට 7ක් සහ 21ට 7ක් ලෙද පරාජය කරනු ලැබුවා.

සිය වයස් කාණ්ඩයේ කේවල කාන්තා අවසන් මහා තරගය ක්‍රීඩා කළ චන්ද්‍රිකා නෙදර්ලන්ත ක්‍රීඩිකා ජොර්ජි ටර්බාර්ක් හමුවේ 2ට 0ක් ලෙස පරාජය වූවත් එහි රිදී පදක්කම ඇයට හිමි වුනා.

WhatsApp Group

Skip to content