10 වැනි ලේක ජල සමුළුවට සහභාගිවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි.

10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය සාමුහික සෞභාග්‍ය සදහා ජලය යන තේමාව යටතේ අද සිට මැයි 20 වනදා දක්වා ඉන්දුනිසියාවේ බාලි නගරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය සිදුකිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content