2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ තරඟ අදින් ආරම්භ වනවා.

ඒ අනුව පළමු තරඟය ලෙස අද සත්කාරක අමෙරිකානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 08 ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

සුපිරි 8 දෙනාගේ වටයේදී කණ්ඩායම් හතර බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට නියමිතයි.

මෙහිදී පළමු කාණ්ඩයට ඉන්දියාව, ඕස්ටේ‍රලියාව, ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශයද, දෙවැනි කාණ්ඩයට දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය සහ අමරිකාවද ඇතුළත්ව සිටිනවා.

සුපිරි 8 දෙනාගේ වටයේදී සෑම කණ්ඩායමක්ම තමන් නියෝජනය කරන කාණ්ඩයේ සෙසු කණ්ඩායම්වලට එරෙහිව එක් වරක් බැගින් තරග වැදීමට නියමිතයි.

සුපිරි 8 දෙනාගේ වටය අවසානයේ කාණ්ඩ දෙකේ ඉහළම ලකුණු ලබාගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සඳහා සුදුසුකම් ලබාගනු ඇති.

අනතුරුව අවසන් පූර්ව තරග දෙකෙන් ජය ලබන කණ්ඩායම් අවසන් මහ තරගයට පිවිසීමටයි කටයුතු යොදා ඇත්තේ.
තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 26 සහ 27 යන දිනවල ටි්‍රනිඩෑඩ්හිදී සහ ගයානාහිදීද, අවසන් මහ තරගය ලබන 29 වැනිදා බාබඩෝස්හිදීද පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content