ලබන ඔක්තෝබර් මස ඉන්දියාවේදී ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දසුන් ශානක නායකයා ලෙස පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිලේ අසාර්ථකත්වය හේතුවෙන් දසුන් නායකත්වයෙන් ඉවත් කර නව නායකයෙක් පත්කිරමට පසුගිය දින තුන තුළ දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේ දීර්ඝ සාකච්ඡාවකින් පසුව තව දුරටත් දසුන් නායකත්වයෙ තබාගැනීමට තීරණය කළ බවයි.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන දසුන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබෙනවා.

WhatsApp Group

Skip to content