ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතයි.

සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි මෙවර අවසන් මහා තරගය පැවැත්වෙන්නේ.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා සුදුකම් ලබා ඇත්තේ වසට විස්සකට පසුවයි.

ලෝක කුසලාන අවසන් මහා තරගය අති උත්කර්ෂවත්ව ඉන්දියාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් වෙමින් පවතින අතර, මීට සමගාමීව ගුවන් සංදර්ශනයක් ද සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ සඳහා හොලිවුඩ් පොප් නිරූපිකාවක් වන දුවා ලීපා විසින් ගීත කිහිපයක් ගායනා කිරීමට සුදානම් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්දීය ගුවන් හමුදාව නිවේදනය කළේ අවසන් මහා තරගය ආරම්භයට පෙර ගුවන් හමුදාවේ සූර්ය කිරන් කණ්ඩායම ගුවන් සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිත බවයි.

මාස එක හමාරකට ආසන්න කාලයක් පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භය වෙනුවෙන් උත්සවයක් ද නොපැවැත්වූ පසුබිමක තරගාවලියේ සමාප්තිය වෙනුවෙන් සුවිශේෂී වූ උත්සවයක් පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය මත පළ කරන්නේ.

WhatsApp Group

Skip to content