2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ කණ්ඩායම අයි සී සී ය විසින් නිවේදනය කර තිබෙනවා.

තරගාවලිය පුරා දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙකු නම් කරමින් මෙම කණ්ඩායම නිවේදනය කර ඇති අතර ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් ද ඇතුලත්.

ඒ අනුව මෙම සංචිතය නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන්නේ පැතුම් නිස්සංක, වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණයි.

අදාළ කණ්ඩායමේ නායකත්වය නෙදර්ලන්ත කණ්ඩායම් නායක ස්කොට් එඩ්වඩ්ස් හට හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content