2023 ජාත්‍යන්තර එක්දින ලෝක කුසලානය පිළිබද වැඩි බලාපොරොත්තුවක් තබා ගත හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට පෙර පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දසුන් ශානක පැවසුවේ තරග ජයග්‍රහණය කිරීමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු බවයි.

ලෝක කුසලාන තරගාවලියට එක්වීමේ ශ්‍රී ලංකාව සතු සැලසුම් පිළිබද මාධ්‍යවේදියෙකු විමසු අවස්ථාවේ දසුන් මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

https://www.vnews.lk/storage/2023/07/DASUN-EDIT.mp3?_=1

මේ අතර ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ අවසන් මහා තරගය තවත් සුළු මොහොතකින් ආරම්භවනවා.

ඒ මධ්‍යහන 12.30ටයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට මෙම තරගය අහිමි වී තිබෙනවා.
පාදයේ මතු වූ ආබාධයක් ඊට හේතුව බව සදහන්.

පසුගිය තරගයට ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා සහ වනිදු හසරංග අද තරගයට ක්‍රිඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතින බව වාර්තාවනවා.

WhatsApp Group

Skip to content