ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා.  මෙවර එහි තේමාව වන්නේ “ප්‍රජාව බලගන්වමු – ඒඩ්ස් වලකමු” යන්නයි.

වසරේ මුල් මාස 10 තුළ මෙරටින් එච් අයි වී ආසාදිතයින් 485 දෙනෙකු හඳුනාගත් බව එඩ්ස් සහ ලිංගාශ්‍රිත රෝග ඒකකය පවසනවා.

1981 වසරේදී ලොස් ඇන්ජලිස් නුවර රෝහලකින් පළමුවරට එච් අයි වී ආසාදිතයෙකු හදුනාගත් අතර එතැන් සිට එය ලොව බරපතල අවදානමක් සහිත රෝගයක් බවට නම් කෙරුණා.

ලෝකය පුරා මිලියන 39 ක් එච් අයි වී ආසාදිතයින් බවට පත් වී ඇති අතර පසුගිය වසරේ පමණක් මිලියන 1.3 ක් නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

මේ පිළිබදව අද දින වී එෆ් එම් කතා මිනිස්ටි්‍රය වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහනේ හිටපු ජාතික කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග මහතා මෙලෙස වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.

https://www.vnews.lk/storage/2023/12/DAYANATH-RANATHUNGA-EDIT.mp3?_=1

මේ අතර ඊයේ දින පාර්ලිමේන්තුවේදී 2024 අයවැයට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව තුළින් මේ වන විට ඒඩ්ස් වැළදුනු පුද්ගලයින් 6000 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි.

WhatsApp Group

Skip to content