ජාත්‍යන්තර ආරක්ෂක සේවා ක්‍රීඩා සභාවේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා ආරක්ෂක සේවා ක්‍රිඩා මණ්ඩලය සංවිධානය කරන ලෝක ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරගාවලිය හෙට සිට 17 වැනිදා දක්වා මීගමුව වෙරළ තීරයේදී පැවැත්වෙනවා .

මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රි ලංකාවට හිමිව ඇත්තේ පළමු වරටයි .

එහි සංවිධාන කටයුතු ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිර්ණ මහතාගේ අධික්ෂණය යටතේ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන්ගේ සහයෝගයද ඇතිව සිදු කෙරෙනවා .
මෙම තරගාවලිය සදහා ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඕමානය, සවුදි අරාබිය, වෙනිසියුලාව, කොලොමිබියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් පිරිමි කණ්ඩාම් 16 ක් සහභාගිවීමට නියමිතයි .

කාන්තා ඉසව්වෙන් කණ්ඩයම් 12 ක්ද සහභාගි වීමට සුදානම් බවයි වාර්තා වන්නේ .

තරගාවලියේ සමාරම්භක උළෙල අද පැවැත්වෙන අතර තරගාවලියේ සියලුම තරග මහජනතාවට නොමිලේ නැරඹීම සඳහා සංවිධායකයන් අවස්ථාව උදාකර දී තිබෙනවා .

WhatsApp Group

Skip to content