ඉන්දියානු ඉතිහාසය තුළ වාර්තා වූ ඉහළම විදේශ විනිමය සංචිතය අගය සහ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරින් මේ වසරට අදාල ඉහළම වර්ධන අනුපාතය ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

ඒ අනුව, මාර්තු මාසය වන විට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 642.49ක දක්වා වර්ධනය වී තිබෙනවා.

එමෙන්ම, මාර්තු 15න් අවසන් වන සතිය තුළ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 6.4කින් පමණ ඉහළ ගොස් ඇති බව සහ ඉන්දියානු ආර්ථිකය මේ වසරේ දී 7.6%කින් පමණ වර්ධනය වනු ඇති බවට මේ වන විට ගණන් බලා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

WhatsApp Group

Skip to content