ප්‍රංශයේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත ඊයේ සමත් වුනා.

එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ එම තරගයේ දී මීටර් 65.38ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර එහි පළමු ස්ථානය දිනා ගත් ඉන්දීය ක්‍රීඩක අජීත් සිං දැක්වූ දක්ෂතාවය මීටර් 65.41ක්.

තරගයේ දෙවැනි ස්ථානය දිනා ගත් ඉන්දීය ක්‍රීඩක රින්කූ මීටර් 65.38ක දස්කමක් සටහන් කර තිබුණා.

මෙය දිනේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයක දී දිනා ගත් තෙවැනි පදක්කම වූ අතර ඔහු මීට පෙර 2017 සහ 2019 තරගාවලිවල දී රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුනා.

WhatsApp Group

Skip to content