බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමු කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු බැවින් ඔහුට විශේෂ ආරක්ෂාවක් සැපයිමටත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටත් මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගයේ සටහන් කර තිබූ බවයි.

WhatsApp Group

Skip to content