අමෙරිකාවේ 60 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා පවත්වනු ලබන ජනාධිපතිවරණය අද පැවැත්වීමට නියමිතයි.

මෙම ජනපතිවරණයෙන් තේරී පත්වන පුද්ගලයා 2025 වසරේ ජනවාරි මස 20 වනදා එක්සත් ජනපදයේ නව ජනාධිපති ලෙස කැපිටල් සංකීර්ණ භූමියේදී දිවුරුම් දෙනු ඇති.

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරණ කටයුතු ඊයේ දිනයේ සිදු කෙරුනා.

ඒ අනුව කමලා හැරිස් පෙන්සිල්වේනියාවේත් , ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ මිචිගන් යන ප්‍රාන්ත වල සිය අවසන් මැතිවරණ ප්‍රචාරන කටයුතු සිදු කළ බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.

මිලියන 75 කට වැඩි පිරිසක් අද දිනය වන විටත් මෙම මැතිවරණයට අදාලව තම ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content