එක්සත් රාජධානිය විසින් ලොව ප්‍රථම වරට ඩ්‍රෝන යානා සඳහා වෙන්වූ ගුවන් අධිවේගී මාර්ගයක් හඳුන්වා දී ඇති අතර එය ජූනි සහ ජූලි මාස අතරතුරදී විවෘත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩ්‍රෝන සඳහා මෘදුකාංග සපයන සමාගමක් වූ ඇල්ටිටියුඩ් එන්ජල් විසින් නිර්මාණය කර ඇති අතර කොවෙන්ට්‍රි සහ මිල්ටන් කේන්ස් නගර යා කරමින් මෙය සැතපුම් 165 ක් පුරා දිවෙන බවද වාර්තා වනවා.

මෙම ගුවන් මාර්ගය තුළ ආරක්ෂිතව ඩ්‍රෝන යානා පියාසර කළ හැකි බවත් යානා පියාසර කරවීම සඳහා මිනිස් නියමුවන් අවශ්‍ය නොවන බවත් එම සමාගම පවසනවා.

WhatsApp Group

Skip to content