සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි පැවසෙන ලොරෙන්සෝ පුතා 4 නමැති යාත්‍රාවේ සියලු සන්නිවේදන කටයුතු බිඳවැටී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

ලොරෙන්සෝ පුතා 4 බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායෙන් පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට පිවිස තිබුණේ ධීවරයින් 06 දෙනෙකු සමගින්.

එම යාත්‍රාව ගොඩබිමේ සිට නාවික සැතපුම් 1,160ක් දුරින් වූ අරාබි මුහුදු ප්‍රදේශයේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර අතුරුදන් යාත්‍රාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස බහරේනයේ පිහිටි රටවල් 40කින් සමන්විත ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම්දුන් බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ, කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළා.

සෝමාලියානු කැරලිකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි පැවසෙන යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනා හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවටයි අනාවරණය වී ඇත්තේ.

WhatsApp Group

Skip to content