නවීන තාක්ෂණය හා නවීන මෙහෙයුම් ක්රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්රාවක් ධීවර කර්මාන්තය සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ධීවර රාජ්ය අමාත්ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.
ලොරෙන්සෝ පුතා – 4 යාත්රාවේ සිටි ධීවරයින් ඉතා ඉක්මණින් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් නීතිපතිවරයා හරහා විදේශ කටයුතු අමාත්යංශය දැනුවත් කර තිබෙන බව ද රාජ්ය අමාත්යවරයා සඳහන් කළේය. ධීවර රාජ්ය අමාත්ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (13) ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content