අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කල ලොරි රථයක්  අඩි 50 ක් පමණ වු ප්‍රපාතයට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් වතු කම්කරුවන් 21 දෙනෙකු මස්කෙලිය සහ දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව මස්කෙලිය පොලිසිය පැවසුවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ මස්කෙලිය සාමිමලේ ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය බ්‍රවුන්ස්වික් වත්ත ප්‍රදේශයේදී.

අනතුරට පත් පිරිස හැටන් කාසල්රි ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වි ගමන් ගත් බස් රථය මස්කෙලිය ප්‍රදේශයේදි කාර්මික දෝෂයට ලක්විම නිසා බස් රථයේ ගමන් ගත් පිරිස මස්කෙලිය නගරයෙන් කුලි පදනම මත කුඩා ලොරි රථයක් රැගෙන මස්කෙලිය බ්‍රවුන්ස්වික් වත්ත දක්වා ගමන් කරමින් සිටින අවස්තාවේ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි තේ වත්තට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

ලොරි රථය අනතුරට පත් වන අවස්තාවේ ලොරි රථය තුල 23 දෙනෙකු ගමන් කර ඇති බවත්, ඉන් 21 දෙනෙකු තුවාල ලබා ඇති අතර , තුවාලකරුවන් අතර කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු සිටින බවද අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය පැවසුවා.

තුවාල ලැබුවන් 04 දෙනෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහලෙත් , බරපතල තත්ත්වයේ සිටි 17 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසුවා.

කුඩා ලොරි රථයේ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ප්‍රවාහනය කිරිම නිසා ලොරි රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදු වි ඇති බවත් , අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්, අනතුරෙන් ලොරි රථයේ රියදුරාද තුවාල ලබා ඇති බවයි මස්කෙලිය පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

WhatsApp Group

Skip to content