ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් ගෙන්වා ඇති ලොකු ලූණු තොග ගබඩාවල රඳවාගෙන සීමිත ප්‍රමාණයක් රුපියල් 600 බැගින් හෙට සිට විකුණන ලෙසත් තවදුරටත් මිල ඉහළ දමන බව ඉන්දියාවේ සිට ලොක= ලූණු ඒවන ව්‍යාපාරිකයන් දැනුම් දුන් බව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූණු තොග අලෙවි කරන වෙළෙන්දෝ පවසනවා.

ඉන්දියාවෙන් ගෙන්වා ඇති සියලු ලොකු ලූණු තොග අයිතිකරුවන් වන්නේ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් බවත් ඒම ව්‍යාපාරිකයන් කියන මුදලට පමණක්ම තමන්ට ලූණු අලෙවි කිරීමට සිදුව තිබෙන බවත් ඔවුන් අවධාරණය කරනවා.

ඒ් අනුව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූණු තොග ගබඩාවල විශාල වශයෙන් ලූණු ගබඩා කර වෙළෙඳ පොලේ ලොකු ලූණු හිඟයක් ඇති කොට ඉතා සූක්ෂම ලෙස ලංකාවේ කිහිපදෙනෙකු සහ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ඒක්ව ලොකු ළූණු මිල ඉහළ දමා ජනතාව සූරාකෑමට ලක්කරන මාෆියාවක් ක්‍රියාත්වක බව ලොකු ළූණු තොග වෙළෙන්දෝ පවසනවා.

මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල්වල ලොකු ළූණු අලෙවියට සීමිත ප්‍රමාණයක් පෙන්වමින් ලොකු ළූණු තොග ගබඩාවල සඟවා තිබෙන බවද පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල පාකිස්ථානය, ඉන්දියාව සහ තුර්කිය යන රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණු කිලෝවක් රුපියල් 420ත් 600 දක්වා තොග මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ මෙන්ම දඹුල්ල සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙන්ම අවට ප්‍රදේශවලින් විශාල වශයෙන් තොග ගබඩාවලින් විදේශ රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණු ගබඩා කර තිබෙන බවත් ඒවා ඉතා සූක්ෂම ලෙස හිඟයක් මවා පාමින් විශාල ලාභයක් තබාගෙන අලෙවි කිරීමේ ක්‍රියාවලිය සිදු කරන බවත් ව්‍යාපාරිකයෙකු වන ඒම්.ජී. ෆසිල් මහතා පවසනවා.

කෙසේ වෙතත් මෙම ලොකු ළූණු වැඩි මිල ගණන් යටතේ ගෙන්වා නොතිබූ බවවත් උත්සව සමය ඉලක්ක කරගෙන මෙම ලොකු ළූණු මිල ඉහළ දැමීම ජාවාරමක් කරගෙන යන නිසාවෙන් මෙම ජාවාරමට තිත තබන්නැයි එම වෙළෙන්දන් රජයෙන් ඉල්ලා සිටිනවා.

දේශීය ලොකු ළූණු වගාව සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම ජාවාරම සිදු කිරීමට පසුබිම සැකසූ ක්‍රියාවලියක් බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරනවා.

ඒ් මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ඉන්දියාවේ සහ ලංකා ව්‍යාපාරිකයන් කිහිදෙනෙකු ඒක්ව මුළු රටේම ලොකු ළූණු මිල තීන්දු කරමින් මහා පරිමාණ ජාවාරමක් සිදු කරනතුරු ආණ්ඩුව සහ වගකිවයුතුයි ඇමැතිවරුන් නිහඬව බලා සිටිනේ යම්කිසි වාසිදායක තත්ත්වයක් ඒම අයට ලැබෙනවාදැයි සැකයක් මතුවන බවයි.

කෙසේ වෙතත් දේශීය ලොකු ළූණු වගාව සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම සිදු කළ බවටද චෝදනා කරන නාමල් කරුණාරත්න මහතා මෙලෙස ලොකු ලොකු ළූණු සඟවාගෙන අලෙවි කරනු ලබන ජාවාරම්කරුවන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙසද රජයෙන් ඉල්ලා සිටිනවා.

ලොකු ළූණු තොග මෙලෙස සඟවාගෙන සූක්ෂම ලෙස මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානී රේණුක පෙරේරා මහතාගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ඒවැනි තොග සඟවාගෙන ඇති බවට තමන්ට කිසිදු තොරතුරක් මේ දක්වා ලැබී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසූ ඒ් මහතා කියා සිටියේ ලොකු ළූණ සඳහා ගැසට් ඒකකින් මිලක් පාලනය කර නොමැති නිසා තමන්ට ඒ් සම්බන්ධයෙන් රාජකාරියක් කිරීමට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් තොග සඟවා තැබීම සම්බන්ධයෙන් සොයා බැලීමට හැකියාවක් තිබෙන බව රේණුක පෙරේරා මහතා කියා සිටියා.

විදේශීය ළූණු කොමිස් පිට අලෙවි කර ප්‍රජාව දැඩිව කියා සිටියේ මේ වන විට ලොකු ළූණුමිල පාලනය කිරීම අතළොස්සක් වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් සිදුකරන බවයි.

ඕනෑ තරම් ගබඩාවල සඟවාගෙන ප්‍රසිද්ධියේ මෙය සිදුකරන බවද එම පිරිස දැඩිව චෝදනා කරනවා.

ලොකු ළූණු අලෙවි කරන ව්‍යාපාරිකයෙකු වූ ෆසිල් මහතා කියා සිටියේ දඹුල්ල අවට පමණක් පිටරටවලින් ගෙන්වූ ලොකු ළූණු කිලෝ ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් සඟවාගෙන ඉතා සූක්ෂම ලෙස අලෙවි කිරීමේ කටයුතු සිදු කරන බවයි.

WhatsApp Group

Skip to content