මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්යාංශ ලේකම්වරයෙක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව පසුගියදා (05) නිර්දේශය ලබා දී තිබේ.
ඒ අනුව කැනඩාවේ නව ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස යූ. එල්. එම්. ජවුහාර් මහතාගේ සහ විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේ නව ලේකම්වරයා ලෙස (ආචාර්ය) සුලක්ෂණ ජයවර්ධන මහතාගේ යෝග්යතාවය පරීක්ෂා කළ උසස් නිලතල පිළිබඳ කාරක සභාව එම තනතුරු සඳහා ඔවුන් පත් කිරීම යෝග්ය බවට නිර්දේශ ලබා දී ඇත.
මීට අමතරව, ඊජිප්තවේ ශ්රී ලංකා තානාපතිවරිය ලෙස යෝග්යතාවය පරීක්ෂාකොට නිර්දේශ කොට තිබූ එම්.ඊ.එම්. ජෝසප් වෙනින්ගර් මහත්මිය රුමේනියාවේ ශ්රී ලංකා නව තානාපතිවරිය ලෙස පත් කිරීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය හිමිවී තිබේ.
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් උසස් නිලතල පිළිබඳ කාරක සභාව රැස් විය.

WhatsApp Group

Skip to content